News Line| Off Air| Games
Generic placeholder image

Jul
13

කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සුපුරුදු පරිදි වැඩ.

393 Views


කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සුපුරුදු පරිදි වැඩ.

“ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් නවතියි”යන ශිර්ෂපාඨය යටතේ අද දින ජාතික පුවත්පත් වල අද දින පළ කර තිබූ ප‍්‍රවෘත්තීයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ වන තෙක් එම රෝහලේ කිසිදු හෘද ශල්‍යකර්මයක් නතර කර නොමැති බවට එහි අධ්‍යක්ෂවරයා දැනුමි දී ඇති බවයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදු කරන ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා කිරීම හේතුවෙන් එහි හෘද සැත්කම් නතර කර ඇති බවටයි ජාතික පුවත්පත් අද දින වාර්තාකර ඇත්තේ.

කෙසේවෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ දැක්වෙන්නේ වායු සමීකරණ පද්ධතිය අළුත්වැඩියා කිරීමට ප‍්‍රමාද වන්නේ නම් පමණක් ශල්‍යකර්ම නතර කිරිමට ඉදිරියේදී සිදුවන බවට අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කර ඇති බවයි.

ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදු කරන ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතිය අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලය තීරණයක් ගෙන ඉදිරි දින කිහිපය තුළ දී අළුත්වැඩියා කිරිමට ආයතනයකට බාරදීමට නියමිතවයි.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post