News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ විශේෂ ආයෝජන අවස්ථා.

525 Views


තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ විශේෂ ආයෝජන අවස්ථා.

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමට තායිලන්තය සහ ශ‍්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබෙනවා.

ඒ අද අරලියගහ මන්දිරයේ දී තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චන් ඔ චා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ප‍්‍රමුඛ දෙරටේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡුාවේදීයි.

ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටද එහිදී එකගතාවයට පැමින තිබෙනවා.

ථේරවාදී බුදු දහම පවතින රටවල් වශයෙන්, බෞද්ධ සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද එහිදී අවධාණය යොමු කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය කාර්්‍යාලය සදහන් කලේ ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ‍්‍රී ලංකා ඉලක්කය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡුා කල බවයි.

දෙරට අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඉදිරියේදී තවදුරටත් වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව ද දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් එහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

මේ අතර තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා අද මහනුවර දලදා මාලිගය වැද පුදා ගත්තා.

සියත නුවර වාර්තාකරු පැවසුවේ එහිදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා විසින් මල්වතු අස්ගිරි මහහිමිවරුන්ද බැහැදුටු බවයි.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අග‍‍්‍රාමාත්‍යවරයා ඊයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුනා.

ශ‍‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම පිලිබදව එහිදී දීරඝ වශයෙන් සාකච්ඡුා කර තිබෙනවා.

2016 වසරේදී තායිලන්තයේ කළ සංචාරයේදී ජනාධිපතිතුමා විසින් කරන ලද නිල ආරාධනය පරිදි තායිලන්ත අග‍‍්‍රාමාත්‍යවරයා දෙදින නිලසංචාරයක් සදහා මෙරටට පැමිණියේ ඊයේ පස්වරුවේදීයි.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post