News Line| Off Air| Games
Generic placeholder image

Jul
14

ෆිෆා ලෝක කුසලානයේ වර්ණවත් සමාප්ති උත්සවය සඳහා සියලූ කටයුතු සූදානම්

911 Views


ෆිෆා ලෝක කුසලානයේ වර්ණවත් සමාප්ති උත්සවය සඳහා  සියලූ කටයුතු සූදානම්

ෆිෆා ලෝක කුසලානයේ වර්ණවත් සමාප්ති උත්සවය සඳහා සියලූ කටයුතු සූදානම් බව ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය පවසනවා.

සමාප්ති උත්සවය සහ එහිදී ඉදිරිපත් කිරීමට නියමිත නිල ගීතය පිළිබදව දැනුවත් කිරීමට ඊයේ මොස්කව් නුවරදී මාධ්‍ය හමුවක් කැදවා තිබුනා.

එම අවස්ථාවට ජනපි‍්‍රය රංගන ශිල්පී විල් ස්මිත් ඇමෙරිකානු ගායන ශිල්පී නිකී ජෑම් සහ ඇල්බේනියානු ගායන ශිල්පී එරා ස්ත්‍රෙෆී සහභාගී වුණා.

එහිදී විල් ස්මිත් සදහන් කර සිටියේ ලොව විශාලතම කී‍්‍රඩා ඉසව්ව පාපන්දු බවයි.

එමෙන්ම ලෝක කුසලානය යනු ලොව සියලූම ජාතීන් එක් කරන පිටියක් බව ද ඔහු සදහන් කළා.

කෙසේ වුවත් තමන් ක්‍රොඒෂියානු කණ්ඩායමේ දැල් රකින්නා පිළිබදව පුදුමයට පත්ව සිටින බව විල් ස්මිත් එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

සියලූ ජාතීන් ෆිෆා සංගීතය ඔස්සේ රසවත් කිරීම තම කණ්ඩායමේ අරමුණ බවයි ඔහු සදහන් කළේ.

මේ අතර ෆිෆා ලෝක කුසලානයේ අවසාන මහා තරගය පැවැත්වෙන හෙට දින මොස්කව් නගරය වර්ණවත් කෙරෙන විශේෂ වැඩපිළිවෙලක් එරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර තිබෙනවා.

ෆිෆා ලෝක කුසලානයේ තුන්වන ස්ථානය තේරීමේ තරගය අද පස්වරුවේ බෙල්ජියම සහ එංගලන්තය අතර ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතයි.

SIYATHA MID DAY NEWS | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post