News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

නිරිතදිගට තද සුළන් සමඟ වැසි. ධිවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්.

684 Views


නිරිතදිගට තද සුළන් සමඟ වැසි. ධිවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්.

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ ඇතිව තිබෙන වැඩිවීමක් හෙට දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

ඇතැම් ප‍්‍රදේශවල මිලි මීටර 50 ඉක්මවූ වැසි ඇති විය හැකි වනවා. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර තද සුළං අපේක්ෂා කළ හැකියි.

එමෙන්ම දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ද ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප‍්‍රජාව අවධානයෙන් පසුවිය යුතු වනවා.


News Articles
Latest Videos
Most Popular Post