News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද.

689 Views


විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද.

බරපතල වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ආරම්භ වනවා. මෙහි විනිසුරු මඩුල්ලට නම් කර ඇත්තේ , මහාධිකරණ විනිසුරුවරුවරුන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක‍්‍රමිකතා සොයා බලා නීතිය ක‍්‍රියාත්මක කිරීම සදහා මෙම විශේෂ මහාධිකරණය පිහිටුවා තිබෙනවා. ඒ අනුව විශේෂ මහාධිකරණයේ පළමු නඩු ලෙස අද විභාග කිරීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත් හා ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනායි.

ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල් ආයෝජන ව්‍යාපෘතියක් ලෙස හෝටල් ව්‍යාපෘතියක් සදහා යෙදවීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post