News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

කේරළ ගංජා කිලෝ 36 ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට.

485 Views


කේරළ ගංජා කිලෝ 36 ක් සමඟ සිව්දෙනෙකු අත්අඩංගුවට.

කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 36 ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව්දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනලතිව් දූපතට බටහිර දෙසින් වු මුහුදු ප‍්‍රදේශයේ දීයි.

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අයත් වේග ප‍්‍රහාරක යාත‍්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ පස්වරුවේ මෙම වැටලීම සිදු කලා.

කුඩා වර්ගයේ යාත‍්‍රාවක් මඟින් ඉන්දීයාවේ සිට ශ‍්‍රී ලංකාවට ප‍්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගය එහිදී අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

මේ සමග ඉන්දියාවේ තිරුවන් දනායි ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42, 31, 30 සහ 28 වන වියේ පසුවන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය හා සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දී ඇත්තේ කන්කසන්තුරේ පොලීසිය වෙත යි.

Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post