News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

පේරාදෙණියේ ඉංජිනේරු පිඨය දින නියමයක් නොමැතිව වැසෙයි.

585 Views


පේරාදෙණියේ ඉංජිනේරු පිඨය දින නියමයක් නොමැතිව වැසෙයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ ඇති වී තිබෙන සිසු විරෝධය හමුවේයි.

ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසකට සියයට 80 පැමිණිම සනථ කිරිමට නොහැකි වීම මත විභාගයට ඉදිරිපත් වීමට ඉඩ ලබා නොදිමට පාලනාධිකාරිය තිරණය කර තිබෙනවා.

ඊට විරෝධය පල කරමිනුයි සිසුන් දින ගණනාවක සිට විරෝධතාවයේ නිරත වන්නේ. පවතින තත්වය හමුවේ අද පෙරවරු 06 සිට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

පස්වරු 02 පෙර ඉංජිනේරු පිඨයේ සිසුන් විශ්ව විද්‍යාලයෙන් පිටවිය යුතු බවයි දැනුම් දී ඇත්තේ. දැනුම් දෙන තුරු ඉංජිනේරු පිඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භුමිය තහනම් ප‍්‍රදේශයක් බවට ද නිවේදනය කර තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post