කථානායක කරු ජයසුරිය මහතා විසින් ජාතික විගණන පනතට අද අත්සන් තැබුවා. ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත වූනේ පසුගිය 05 වනදායි.
මේ අතර උද්ගෝෂණයක් හේතුවෙන් මහනුවර නගරයේ රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. ගිනි කූරු නිශ්පාදන කර්මාන්ත ශාලා 11 ක නිශ්පාදකයන් හා සේවකයන් මේ සදහා එක්ව සිටින බවයි අප වාර්තාකරු සදහන් කලේ.
රථ වාහන තදබදය හේතුවෙන් විකල්ප මාර් භාවිතා කරන්නැයි පොලීසිය රථ වාහන රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe