අනුරාධපුර මීගලෑව ගනේගමුව ප‍්‍රදේශයේදී වයස අවුරුදු 1 ළදරුවෙකුට මත්පැන් පෙවූ පුද්ගලයන් සිවු දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ළමයින් කෘරත්වයට භාජනය කිරීමේ වරද හේතුවෙන් පොලිස්ලතිතුමාගේ උපදෙස් මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ මීගලෑව ගනේගමුව ප‍්‍රදේශයේ පදිංචි 23 38 40 සහ 50 යන වයස්වල පසුවන පුද්ගලයන් සිවු දෙනෙක්.
පුද්ගලයන් පිරිසක් විසින් ලදරුවෙකුට බීයර් බෝතලයක් කටේ තබා පොවන දර්ශනයක් පසුගිය දින වලදී සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.
ඒ අනුව සිදුකල පරීක්ෂණ වලින් පසු අදාල ලදරුවාව අනුරාධපුර වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කල අතර එහිදී අනාවරණය වුනේ මත්ද්‍රව්‍ය පෙවීම පසුගිය 14 වනදා සිදු කර ඇති බවටයි.
Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka