2016 වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණය සදහා රුසියාව මැදිහත් වූ බවට වන බුද්ධි අංශ වාර්තා පිලි ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
ට්‍රම්ප් මේ බව සදහන් කලේ ධවල මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි. ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වීමක් සිදු කල බවට එරට බුද්ධි අංශ සේවා ප්‍රකාශ කර තිබුණා.
එහි විමර්ශන සිදු වන අතරතුර ඇමරිකානු ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපතිවරයා අතර හමුවක් පසුගිය 16 වනදා සිදු වුනේ ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදීයි. ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වීමක් නොකල බව එහිදී ඩොනල්ඞ් ට්‍රම්ප් සදහන් කලේ.
නමුත් එම ප්‍රකාශයෙන් පසුව ඇමරිකානු ඉහළ පෙලේ දේශපාලඥයන්ගෙන් ට්‍රම්ප්ට එල්ල වුනේ දැඩි විරෝධයක්. මෙම ප්‍රකාශ හරහා එරට රහස් ඔත්තු සේවා හෑල්ලූවට ලක් කර ඇති බවයි ඇමරිකානු කතානායක පෝල් රයන් සදහන් කලේ.