News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

පොලිස් ස්ථානාධිපතිවරුන් තුන්දෙනෙකුට ස්ථාන මාරුවීම්.

610 Views


පොලිස් ස්ථානාධිපතිවරුන් තුන්දෙනෙකුට ස්ථාන මාරුවීම්.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය සදහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි.

ශී‍්‍ර දලදා මාලිගාවේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් ටී පී හලන්ගොඩ මහතා පොල්පිතිගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

පුලස්තිගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි ඩබ්ලිව් බණ්ඩාර මහතා මාරුකර යවා ඇත්තේ ශී‍්‍ර දදළා මාලිගාවේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.

මල්ලාවි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් එම් රාජනායක මහතා කැළණිය කොට්ඨාසය වෙත මාරුකර යවා තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post