News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

විරෝධතාවයක් නිසා ගාල්ල නගරයේ දැඩි රථවාහන තදබදයක්. (VIDEO)

616 Views


විරෝධතාවයක් නිසා ගාල්ල නගරයේ දැඩි රථවාහන තදබදයක්. (VIDEO)

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ගාල්ල නගරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ගාල්ල බස් නැවතුම්පොළ අසල මේ වනවිට උද්ඝෝෂණයක් කි‍්‍රයාත්මකයි.

උද්ඝෝෂණය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් මහජන නියෝජිතයන් සහ සිවිල් සංවිධාන රැසක් එක්ව සිටිනවා

මේ වනවිට ගාල්ල නගරයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

විරෝධතාවයේදී අදහස් දක්වමින් ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේශ් පතිරණ මහතා සදහන් කළේ ගාල්ල කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් ඇතිබවට යුනිස්කෝ සංවිධානය කිසිදු ප‍්‍රකාශයක් සිදුකර නොමැති බවයි

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඉදිකිරීම් හේතුවෙන් ගාල්ල කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමෙ අවදානමක් ඇති බවයි පසුගියදා රජය ප‍්‍රකාශ කළේ.

කෙසේ වුවත් කී‍්‍රඩාංගණය ඉවත් නොකරන බවත් අනවසර ඉදිකිරිමක් වන කී‍්‍රඩාගාරය පමණක් ඉවත් කිරිමට පියවර ගන්නා බවත් රජය ඊයේ සදහන් කළා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala

https://www.facebook.com/anurahettiarchcho.hettiarachchi/videos/2109828272622023/


News Articles
Latest Videos
Most Popular Post