ඊසි කැෂ් ක‍්‍රමයට සිදු කල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අණාවරණය වී තිබෙනවා. පොලීසිය පැවසුවේ මිහින්තලේ ප‍්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සිදු කල ප‍්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු හෙළි වූ බවයි.
මිහින්තලේ පොලීසියට ලද තොරතුරක් මත අනුරාධපුර ප‍්‍රදේශයේ දි හෙරොයින් මිලි ග‍්‍රෑම් 60 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඊසි කෑෂ් ක‍්‍රමය හරහා මිහින්තලේ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගයෙකුගෙන් මෙම මත්කුඩු මිළදී ගත් බවයි ඔහු පොලීසිය හමුවේ පවසා තිබුණේ.
ඒ අනුව පොලීසිය සූක්ෂම ලෙස කල මෙහෙයුමකින් අනතුරුව හෙරොයින් අලෙවි කල සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී හෙරොයින් පැකට් 65 ක් තිබූ බවයි පොලීසිය පැවසුවේ
මෙලෙස අත්අඩංගුවට පත් වුනේ 38 හැවිරිදි පුද්ගලයෙක්.
Siyatha Top Story | 10:00 AM | Editor : Amila Udaraka