News Line| Off Air
Generic placeholder image

Jul
23

ශ්‍රී ලංකා රග්බි සංගමයට නව නිලධාරී මඩුල්ලක්

691 Views


ශ්‍රී ලංකා රග්බි සංගමයට නව නිලධාරී මඩුල්ලක්

ක්‍රිකට් වගේම ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි රගර් කියන්නේ. මේ වෙද්දී සත් සාමාජික රගර් වලින් ලංකාව හොඳ තැනකට ඇවිත් තියෙනවා. ලංකාවේ රගර් පාලනය කරන මහ ගෙදර පුටුවලට අලුතින් නිලධාරීන් පහුගිය දා තෝරා ගත්තා.

මෙවර රගර් ලොකු පුටව ලසිත ගුණරත්න මහතා දිනා ගත්තා. මෙවර සියලු තනතුරු සඳහා නිතරඟයෙන් නිලධාරීන් පත් වීම විශේෂත්වයක්. නියෝජ්‍ය සභාපති විදියට රිස්ලි ඉල්යාස් තේරී පත් වුණා. උපසභාපතිවරු විදියට නසීර් මොහොමඩ් සහ සුසන්ත මෙන්ඩිස් පත් වුණා.

තුසිත පීරිස් ලේකම් ධූරය තෝරා ගැනුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ මූල්‍ය කළමනාකරු දිනේෂ් පෙරේරා මහතා භාණ්ඩාගාරික විදියට තේරී පත් වුණා. මෙවර රගර් විධායක කමිටුවට පළවෙනි වරට කාන්තා නියෝජනයකුත් ඇතුලත් වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post