News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

නීති විරෝධීව ඊශ‍්‍රාලයේ රැඳී සිටින ශ‍්‍රමිකයින්ට මෙරටට පැමිණීමට පොදු සමා කාලයක්.

535 Views


නීති විරෝධීව ඊශ‍්‍රාලයේ රැඳී සිටින ශ‍්‍රමිකයින්ට මෙරටට පැමිණීමට පොදු සමා කාලයක්.

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ‍්‍රමිකයින් සඳහා විශේෂ නිල ඇඳුමක් හඳුන්වා දී නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එලෙස නිල ඇඳුමකින් සැරසී මෙරට ගෘහ සේවිකාවන් විදෙස් රැකියා සදහා පිටත්ව යන බව පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.

නමුත් එවැනි නිල ඇඳුමක් නොමැති බවත් රටේ සහ තමන්ගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සුදුදු ඇඳුම් යොදාගන්නා ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා.

මේ අතර නීති විරෝධීව ඊශ‍්‍රාලයේ රැඳී සිටින ශ‍්‍රමිකයින්ට මෙරටට පැමිණීම සදහා සැප්තැම්බර් පළමුවැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

පොදු සමා කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ‍්‍රමිකයින් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

එලෙස පොදු සමා කාලය තුළ පැමිණෙන ශ‍්‍රමිකයින්ට නැවත ඊශ‍්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යා හැකිි වනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post