News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

පළාත් සභා ඡන්දය ඉක්මණින් පවත්වන්න – එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.

506 Views


පළාත් සභා ඡන්දය ඉක්මණින් පවත්වන්න – එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි.

පළාත් සභා මැතිවරණය කුමන ක‍්‍රමවේදයකට හෝ ඉක්මණින් පැවැත්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදියි.

පළාත් සභා මැතිවරණය කල් දැමීමට තම පක්ෂය විරුද්ධ බවත් එය පැවැත්වීමේ ක‍්‍රමවේදය පිළිබදව ඉක්මණින් තීන්දුවක් ගැනීමටත් එහිදි වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.

ඊට අමතරව සමෘද්ධි සහනාධාරය තවත් ලක්ෂ 03 කට ලබාදිය යුතු බව ද අද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්ෂණය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ප‍්‍රකාශයට පත් කිරිමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය අග‍්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post