News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
25

ගුරු වර්ජනය අත්හිටුවයි.

1002 Views


ගුරු වර්ජනය අත්හිටුවයි.

ගුරු සංගම් එක්ව හෙට දිනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ ගුරු සංගම් හා ජනාධිපතිතුමා අතර අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

එහිදී එළඹි එකගතා හේතුවෙන් මෙම වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාර්ලින් මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ.

දේශපාලන හිතවත්කම් මත අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පත්වීම් ලබා දී ඇති බවට පවසමින් ගුරු සංගම් හෙට දිවයින පුරා පාසල් වල වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණා.

මේ අතර මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. ඒ අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනක් හේතුවෙන්.

රථ වාහන තදබදය අවම කර ගැනීම සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙයසි පොලීසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙන්නේ.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post