News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

අතුරුදන්ව සිටින බලංගොඩ ප‍්‍රදේශයේ දරුවා සොයා පොලිස් පරීක්ෂණ.

663 Views


අතුරුදන්ව සිටින බලංගොඩ ප‍්‍රදේශයේ දරුවා සොයා පොලිස් පරීක්ෂණ.

අතුරුදන්ව සිටින බලංගොඩ සමනලවත්ත ප‍්‍රදේශයේ දරුවා සොයා පොලිස් කණ්ඩායම් 04 ක් ඔස්සේ පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.

දරුවා අතුරුදන් වී දින 07 ක් ගත වුවද මෙතෙක් ඒ පිළිබදව කිසිදු තොරතුරක් සෙයා ගැනීමට හැකි වී නැහැ. දරුවා සොයා පොලීසිය හා යුධ හමුදාව එක්ව සිදු කල ස්ථානීය පරීක්ෂාවන් තාවකාලිකව නතර කෙරුනේ පසුගිය 24 වනදායි. විද්‍යාත්මක හා අපරාධ විමර්ශන ඔස්සේ දරුවා සොයා මෙහෙයුම් මේ වන විට සිදු වන බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය 20 වනදා සිට මෙලෙස අතුරුදන්ව සිටින්නේ බලංගොඩ සමනලවත්ත ප‍්‍රදේශයේ පදිංචි 05 ශ්‍රේණිියේ ඉගෙනුම ලබන දරුවෙක්.

දර කැඞීම සදහා දරුවාගේ පියා අසල රක්ෂිතයට ගොස් තිබුණා. පසුව දරුවා ද නිවසින් පිටවී ඇත්තේ පියා සිටින ස්ථානයට යන බවට පවසමින්. කෙසේ වෙතත් දරුවා යලි නිවසට පැමිණ තිබුනේ නැහැ.

ඒ අනුව දරුවා සොයා සිදු කල මුලික මෙහෙයුම් වලදී සැක පල කෙරුනේ ප‍්‍රදේශයේ සැරිසරන දිවියෙකු දරුවා ගොදුරු කර ගන්නට ඇති බවයි. නමුත් දීර්ඝ මෙහයුම් වලදී දරුවාගේ ශරීර කොටසක් හෝ සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් පරීක්ෂණ නව දිසාවකට යොමු කල බවයි පොලීසිය පැවසුවේ.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post