News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන්.

464 Views


පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන්.

පලාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක‍්‍රමය පිලිබදව අද පැවති පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වූ බව පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා පවසනවා.

එම රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරවා කියා සිටියේ ඒ අනුව ලබන මස පළමු වනදා යලි රැස්වීමක් පැවැත්වීමට තීරණය කල බවයි.

අද පැවති සාකච්ඡාවේදී පැරණි ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම කෙරෙහි දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම රැුස්වීම අද පැවැත්වුනේ ශ‍්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

අප වාර්තාකරු පැවසුවේ මේ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ වල නියෝජිතයින් සහභාගී වී සිටි බවයි. එමෙන්ම මැතිවරණ කොමිසමේ නිලධාරීන්ද මෙම රැස්වීමට එක්ව සිටියා.

Siyatha Top Story | 01:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post