News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට.

1261 Views


ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට.

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගැනීම අද සිදු වුනා. ඒ අනුව එහි නව සංවර්ධන ව්‍යාපෘතීන් අද ආරම්භ වුනේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්.

නාමල් උයන භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමක් අනුව ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගෙන තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය ආරක්ෂා කරමින් එහි සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවයි.

නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය දෙස් විදෙස් සංචාරයින්ගේ නොමද අවධානයට ලක් ව තිබෙන අතර එහි ඉතිහාසය ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදෙනවා.

ඉහළ ජෛව විවිධත්වයකට උරුමකම් කියන නාමල් උයනේ පාරිසරික පද්ධතිය සංචාරක ආකර්ශනය වැඩිවීමට ප‍්‍රධාන හේතුවයි.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post