News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

පේරාදෙණිය සරසවිය මාස 02 කට වසයි.

2300 Views


පේරාදෙණිය සරසවිය මාස 02 කට වසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාස දෙකක කාලයක් සදහා වසා දමා තිබෙනවා. ඒ සිසුන් දිගින් දිගටම විරෝධතාවයේ නිරත වීම හේතුවෙන්. ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසකට සියයට 80 පැමිණිම සනාථ කිරිමට නොහැකි වීම මත විභාගයට ඉදිරිපත් වීමට ඉඩ ලබා නොදිමට පාලනාධිකාරිය තිරණය කළා.

ඊට විරෝධය පල කරමින් සිසුන් දින ගණනාවක සිට විරෝධතාවයේ නිරත වන්නේ විශ්ව විද්‍යාලයේ සනාථන මන්දිරය තුළයි. පවතින තත්වය යටතේ පරිපාලන කටයුතු ක‍්‍රමවත්ව සිදු කිරීමේ දුෂ්කරතා මතු වී තිබෙනවා.

එමෙන්ම සිසුන්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් විශ්ව විද්‍යාලය මාස දෙකක් සදහා වසා තැබීමට තීරණය කල බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති උපුල් දිසානායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ. ඒ අනුව සිසුන් අද පස්වරු 06 00 ට පෙර විශ්ව විද්‍යාල භූමියෙන් පිට විය යුතු බවට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් ශිෂ්‍ය අරගලය අත්නොහරින බවයි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මනිල් බණ්ඩාර දෙහිදෙණිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post