හලාවත කොළඹ පුද්ගලික බස් රථ සේවකයන් අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හලාවත කොළඹ බස් රථ රියදුරෙකුට කොළඹ දී පහර දී ඇති බවට පවසමින්.
ඊයේ රාත‍්‍රියේ මෙම පහර දීම සිදු කර ඇති බවයි හලාවත කොළඹ පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති චමින්ද හංසා මහතා සදහන් කලේ. ප‍්‍රහාරය සදහා යාපනය කොළඹ පුද්ගලික බස් රථ සේවාවක කළමණාකරුවෙකු රියෙදුරෙකු ඇතුළු හතළිහකට ආසන්න පිරිසක් පැමිණ ඇති බවයි ඔහු සදහන් කලේ.
පහර කෑමෙන් තුවාල ලැබූ රියදුරු මේ වන විට හලාවත මහා රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. මේ පිලිබදව බලධාරින්ගෙන් කඩිනම් විසදුම් අවශ්‍ය බවයි හලාවත බස් රථ සේවකයන් පැවසුවේ.