දිවයින පුරා පැය 11 ක කාලයක් තුල සිදු කල විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් 3 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 948 ක් වරෙන්තු කරුවන් බවයි.
විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් 938 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීති වරෝධී මත්ද්‍රව්‍ය වලට අදාලව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 812 ක්.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේ මෙහිදී බීමත් රියදුරන් 541 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී රථ වාහන නඩු 5 808 ක් ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කලා. මේ අතර මීගමුව බන්ධනාගාරය අසලදී රුපියල් ලක්ෂ 15 ක වටිනාකමින් යුත් හෙරොයින් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කලේ සැකකරුවන් සතුව තිබී හොරොයින් ග‍්‍රෑම් 57 යි මිලිග‍්‍රෑම් 8 ක් හමුවූ බවයි.