News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
29

බුලත්සිංහල මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට.

603 Views


බුලත්සිංහල මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට.

බුලත්සිංහල, නාරගල ප‍්‍රදේශයේදී පෞද්ගලික සමාගමක් විසින් වෑන් රථයකින් රැුගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට එම රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් රැුගෙන යන කණ්ඩායමේ සිටි ආරක්ෂක නිලධාරියෙකු ද සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත ඊයේ අත්අඩංගුවට ගැනුණා.

ඒ කොල්ලකරුවන්ට මුදල් ලබාගත හැකි ආකාරයට ඔහු සිය ගිනි අවිය ද බැහැර කර තිබීම හේතුවෙන්.

්ඔඵ යන්ත‍්‍රවල තැන්පත් කිරිම සඳහා පෞද්ගලික සමාගමක් විසින් එම මුදල් රැුගෙන යමින් තිබුණේ ඊයේ පස්වරුවේදීයි.

අතරමගදී ජිප් රථයකින් පැමිණි කොල්ලකරුවන් විසින් මුදල් රැගෙන යමින් සිටි පිරිසට මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා.

පසුව ඔවුන් මුදල් බහා තිබූ යකඩ පෙට්ටගම කඩා එහි තිබූ මුදල් මලූ 12 ක් රැුගෙන පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා බුලත්සිංහල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post