පෙර දැනුම්දීමකින් තොරව මගීන් අපහසුතාවයට පත්වන පරිදි වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයකට යොමුවූ සේවකයින් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව හෙට වෘත්තීය සමිතිවලින් කරුණු විමසන බවයි.
සාකච්ඡුා මාර්ගයෙන් ගැටලූවලට විසඳුම් ලබාගත හැකි පසුබිමකදී මගී ජනතාව අපහසුතාවට පත්වන පරිදි කටයුතු කිරීම අසාධාරණ බව ද, විජය සමරසිංහ මහතා ප‍්‍රකාශ කළා.
දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු, පාලකවරු හා දුම්රිය රියැදුරන් පැය දෙකක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණේ පසුගිය 26 වනදායි.
ඒ, මරදාන ප‍්‍රදේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් සම්බන්ධ ආරවුලක් මුල් කරගනිමින්.
පෙර දැනුම්දීමකින් තොරව සිදුකළ එම වැඩ වර්ජනයෙන් දැඩි අපහසුතාවට පත්වූ මගීන් නොසන්සුන්වීමත් සමග කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගැනුණා.
Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala