බදුල්ල විල්පොල ප‍්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බ 3ක් හමුවී තිබෙනවා. ඒ බදුල්ල පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදු කල පරීක්ෂාවකදී. පොලීසිය සදහන් කලේ කැලෑ ප‍්‍රදේශයක තිබී එම ජීව අත්බෝම්බ හමුවූ බවයි.
ඒ අනුව එම ජීව අත්බෝම්බ 3 මේ වන විට බදුල්ල පොලිසීය වෙත රැුගෙන විත් තිබෙන අතර එවා හමුවූ ප‍්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. එම ජීව අත්බෝම්බ එම ස්ථානයේ සගවා තැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.
Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka