News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

කාළගුණයේ වෙනසක්.

513 Views


කාළගුණයේ වෙනසක්.

පවතින කාළගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර දිස්ති‍්‍රක්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි වනවා. නැගෙනහිර පළාතේ සහ බදුල්ල දිස්ති‍්‍රක්කයේ ස්ථාන කිහිපයක පස්වරු 02 00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි.

හම්බන්තොට මොණරාගල අම්පාර මාතලේ පොළොන්නරුව සහ පුත්තලම දිස්ති‍්‍රක්කවලට විටින් විට හමන පැයට කිලෝමීටර 50 දක්වා වන තරමක තද සුළං ඇති වීමේ ඉඩ පවතිනවා.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post