News Line| Off Air| Games
Generic placeholder image

Jul
30

ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්.

533 Views


ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්.

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සහ තවත් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ජාතික පොලීස් කොමිසමේ අනුමැචිය අනුව පොලිස්පතිවරයා විසින් මෙම වැඩ තහනම් කිරිම සිදු කළබවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

ඉංගිරිය ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිළදාරීන් තුන්දෙනා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඊයේ දිනයේදීයි.

අදාල පොලිස් නිලධාරීන් තුන්දෙනා විසින් නීති විරෝධී ලෙස හමුදා සෙබළෙකු සහ ආබාධිත පුද්්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය සඳහන් කළේ, ඒ අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කල උප පොලිස් පරික්ෂකවරයා සාජන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බවයි.

මාර්ගයක සිටි හමුදා සෙබළාව සහ ආබාධිත පුද්්ගලයාව අදාල පොලිස් නිලධාරීන් තුන් දෙනා විසින් පදනම් විරහිතව අත්අඩංගුවට ගෙන තිබුනේ පසුගිය 28 වනදා රාත‍්‍රියේදීයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි එම ස්ථානයේ සිටි උප පොලිස් පරික්ෂකවරයා බීමත්ව සිටි බව ද පොලීසිය සදහන් කලා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post