නීති විරෝධීව වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ට‍්‍රැක්ටර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු වැල්ලවාය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවාය පොලීසිය විසින් සිදුකළ හදිසි වැටලීමකදී
පොලීසිය සදහන් කලේ ඔවුන් වැල්ලවාය යාලබෝව ප‍්‍රදේශයේ දී සහ වැල්ලවාය කීරියගොල්ල යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව යි.
සැකකරුවන් එම ප‍්‍රදේශයන්වල පදිංචිකරුවන් වන අතර ඔවුන් දීර්ඝකාලයක සිට මෙම වැලි ජාවාරමේ නිරත වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්අද වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka