News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

සාදයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ පුද්ගලයින් පිරිසක් පානදුර රෝහලට.

549 Views


සාදයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ පුද්ගලයින් පිරිසක් පානදුර රෝහලට.

සාදයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ පුද්ගලයින් දෙදෙනෙකු පානදුර දකුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. වාද්දුව ප‍්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර මෙය සිදුව ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයි.

පොලිසිය පැවසුවේ සාදය අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කළ පුද්ගලයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ 20 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනක්. තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් මත්පෙති භාවිත කිරීමෙන් ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් මෙම රෝගී තත්වය හටගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post