News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

මත් පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට.

557 Views


මත් පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට.

මත් පෙති 21 ක් සමඟ සැකකරුවෙකු කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබුනේ ඊයේ දිනයේ දීයි. සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලි ග‍්‍රෑම් 370 ක් හා හෂීස් ග‍්‍රෑම් 62 යි මිලි ග‍්‍රෑම් 910 ක් සොයා ගෙන තිබෙනවා. මේ සමඟ අත්අඩංගුවට පත් වුනේ 31 හැවිරිදි හුණුපිටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ගල්කිස්ස දෙමටගොඩ හා බොරැල්ල යන ප‍්‍රදේශ වලදී ද හෙරොයින් සමග පුද්ගලයින් තුන් දෙනෙකු පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කොළඹ මැලිබන් වීදියේ පිහිටි ගොඩනැගිල්ලක අද අලූයම ගින්නක් හට ගත්තා. ගින්න හට ගෙන තිබුනේ මහල් තුනකින් සමන්විත වෙළද සැළකයි. ඉන් එහි පළමු මහල සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ගින්න පාලනය සදහා රථ 03 ක් හා නිළධාරීන් 17 දෙනෙකු යෙදවූ බවයි කොළඹ ගිනි නිවීම් ඒකකය සදහන් කලේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post