News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද.

411 Views


ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. පළාත් සභා ජන්ද විමසීම පිළිබදව එහිදී සාකච්ජා කිරීමට නියමිතයි.

සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහභාගී වනු ඇතී.

පළාත් සභා ජන්ද විමසීම පැවැත්වෙන ක‍්‍රමවේදය පිළිබදව ලබන 09 වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය 02 වනදා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර එහිදී බහුතරයක් ප‍්‍රකාශ කර තිබුනේ පැරණ ක‍්‍රමයට ජන්දය පැවැත්විය යුතු බවයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post