News Line| Off Air
Generic placeholder image

Aug
7

බෝට්ටුවකින් ප‍්‍රංශයට යමින් සිටි ලාංකිකයන් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට.

466 Views


බෝට්ටුවකින් ප‍්‍රංශයට යමින් සිටි ලාංකිකයන් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට.

නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මාර්ගයෙන් ප‍්‍රංශය බලා ගමන් කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ශී‍්‍ර ලාංකිකයින් 21 දෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප‍්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් 19 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙක්.

ධීවර කටයුතුවල යෙදෙන මුවාවෙන් යාත‍්‍රා කළ එම පිරිස පසුගිය 05 වනදා අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹට නාවික සැතපුම් 117 ක් දුරින් පිහිටි මුහුදු ප‍්‍රදේශයේදීයි.

මේ අතර පසුගිය යුධ සමයේදී ඉන්දියාව වෙත පළා ගොස්, එරට රැුඳවුම් කඳවුරුවල වාසය කළ ශ‍්‍රී ලාංකික සරණාගතයන් 27 දෙනෙකු අද යළි ශ‍්‍රී ලංකාව වෙත පැමිණ තිබුණා.

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ ආගමන-විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන, වැඩිදුර පරීක්ෂණ සදහා භාර දී තිබුණේ ජාතික රහස් තොරතුරු ඒකකය වෙතයි.

Siyatha Top Story | 02:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post