මොරගහකන්ද – කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක‍්‍රමිකතා ඉදිරිපත් කිරිම සදහා ජනාධිපතිතුමා විසින් විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.
එවැනි අක‍්‍රමිකතා පිළිබද කිසියම් නිශ්චිත තොරතුරක් සාක්ෂි සහිතව ඇත්නම් එම ඒකකයට අදාළ තොරතුරු ඉදිරිපත් කළ හැකියි.
011-2034159 දුරකථන අංකය සහ 011-2879976 ෆැක්ස් අංකය ඔස්සේ ඒ පිලිබද තොරතුරු දැනුම් දිය හැකි වනවා.
අධ්‍යක්ෂ විමර්ශන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, සොබාදම් පියස, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල, යන ලිපිනයට පැමිණිලි යොමු කළ හැකියි.
මෙම විශේෂ ඒකකය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පසුගිය ජූලි 23 වනදා මොරගහකන්ද ක`ථ ග`ග ජලාශයේ රන් දියවර රැඳවුම් මංගල්‍යයේදීයි.
රුපියල් කෝටි 23,000 ක වියදමින් ඉදි කෙරුණු මොරගහකන්ද – කළු ගඟ ජලාශය මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියයි.
Siyatha Top Story | 04:00 PM | Editor : Sithara Athukorala