News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු රත්මලානේදී අත්අඩංගුවට.

542 Views


සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු රත්මලානේදී අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ මංජු නැමැත්තාගේ ප‍්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග අත්අඩගුවට ගෙන තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරු තවත් කාන්තාවක් සමග යතුරුපැදියකින් හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 209 කට අධික ප‍්‍රමාණයක් භාරයට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි මොරටුව ප‍්‍රදේශයේ පදිංචි පාතාල කල්ලි සාමාජිකයෙක් සහ 30 හැවිරිදි රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

සැකකරුවන් අද ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වසරේ ගත වූ මාස 07 ක කාලය තුළ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 48 129 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වසරේ බස්නාහිර හා දකුණු පළාත්වල කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

මේ අතර කේරළ ගංජා කිලෝ 10 යි ග‍්‍රෑම් 200 ක් සමග පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post