News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

කොළඹ ඉදිවෙන සුපිරි නිවාස සංකීර්ණයට මුල්ගල තැබෙයි. – Photo

826 Views


කොළඹ ඉදිවෙන සුපිරි නිවාස සංකීර්ණයට මුල්ගල තැබෙයි. – Photo

තවත් සුපිරි නිවාස සංකීර්ණයක ඉදිකිරීම් ඊයේ අතුරුගිරියේදී ආරම්භ වුණා. ඒ Aspire Residencies ව්‍යාපෘතිය. ‘සමකාලීන ජීවන රටාව‘ තේමාව යටතේ තරු පංතියේ කාමරවලින් මේ නව ව්‍යාපෘතිය සමන්විතයි.

සදාහරිත ස්වභාව සෞන්දර්යෙන් පිරුණු වටපිටාවක සුළං හමන කුඹුරුයායකට මුහුණලා මේ නිවාස සංකීර්ණය ඉදිකෙරෙනවා. ඒ වගේම අතුරුගිරියේ අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 500ක් යාබදව පිහිටා ඇත.

ඊට පර්ල්, කොරල්, ඕපල්, ජේඩ්, රූබි සහ සිට්රින් නමින් නිවාස සංකීර්ණ 6ක් ඇතුළත්ය. එක් නිවාස සංකීර්ණයක අංග සම්පූර්ණ නිවාස ඒකක 136ක් ඇතුළත්ය. සෑම නිවාස සංකීර්ණයකම නිදන කාමර තුනකින් සමන්විත නිවාස 41ක් ඉදිකෙරෙන අතර නිදන කාමර දෙකකින් සමන්විත නිවාස ඒකක 95ක් ද වේ.

මෙම නිවාස සංකීර්ණය සමාජ ශාලාවකින් සහ අංග සම්පුර්ණ ශාරිරික ව්‍යායාම මධ්‍යස්ථානයකින් සමන්විත වෙයි. මේ ව්‍යාපෘතියට විදුලි සෝපාන, බහුකාර්ය ශාලාවක්, පිහිනුම් තටාකයට යාබද බාබිකියු මණ්ඩපයක් ද ඇතුළත්. ඇවිදින මං තීරුවක්, වාහන නැවතුම්පළක් සෑම නිවාස සංකීර්ණයකටම වෙනම ඉදි කිරිමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post