News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

විග්නේශ්වරන් ඇතුළු තුන්දෙනෙකුට නොතීසි.

530 Views


විග්නේශ්වරන් ඇතුළු තුන්දෙනෙකුට නොතීසි.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු තුන්දෙනෙකුට ලබන සැප්තැම්බර් මස 7 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණ අද නොතීසි නිකුත් කළා. ඒ අදාල නඩුව අභියාචනාධිකරණ හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

අධිකරණය නියෝග කලේ අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක කිරිම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් එදිනට කරුණු දක්වන ලෙසයි.

විග්නේශ්වරන් මහතාට අමතරව පළාත් අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන් සහ කේ.සිවනේසන් යන මහත්වරුන්ටද නොතීසි නිකුත් කෙරුණා.

මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍ය පී ඩෙනීෂ්වරන් මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.

ඩෙනීෂ්වරන් මහතා සඳහන් කර සිටියේ තමාව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය ඉකුත්දා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

තමන්ව නැවත අදාල අමාත්‍ය ධූරය පිහිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ ද උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා එම නියෝග ක‍්‍රියාත්මක කර නොමැති බව ඔහු ප‍්‍රකාශ කලා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක අමාත්‍යවරයකු නෙරපීමේ බලය එම පළාතේ ආණ්ඩුකාර වරයාට පමණක් සතු වී තිබෙන බවයි පී ඩෙනීෂ්වරන් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

සීවී විග්නේශ්වරන් මහතා පී ඩෙනීෂ්වරන් මහතාව අමාත්‍යධූරයෙන් ඉවත් කලේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දීයි.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post