2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි විවෘත කර 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා නව බදු අදාළ නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් සිදු කරමින්.
කුඩා මෝටර් රථ සදහා වන බදු වැඩිකිරීමට විවිධ පාර්ශවයන් සිය විරෝධය පල කරමින් සිටිනවා.
එන්ජින් ධාරිතාව 1 000 කට නොවැඩි සාමාන්‍ය මෝටර් රථයක බද්ද රුපියල් පහලොස් ලක්ෂයක් ලෙස ඉහල නංවනු ලැබුවේ පසුගිය පළමු වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදියි.
එන්ජින් ධාරිතාව 1 000 කට නොවැඩි හයිබි‍්‍රඞ් මෝටර් රථයක බද්දද රුපියල් දොලොස් ලක්ෂ 50 000 කින් ඉහල නංවනු ලැබුවා.
ඇල්ටෝ වැගන්ආර් වැනි කුඩා මෝටර් රථ වල මිල ඉදිරියේදී රුපියල් ලක්ෂ 4 කින් පමණ ඉහල යා හැකි බවයි වාහන ආනයනයකරුවන් සදහන් කලේ.
Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka