News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

සමෘද්ධි නිලධාරිනුත් අද වර්ජනයේ…

455 Views


සමෘද්ධි නිලධාරිනුත් අද වර්ජනයේ…

වර්ජනයේ නිරත සමෘද්ධි නිලධාරින් මේ වන විට කොළඹ පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක නිරත වනවා.

අප වාර්තාකරු පැවසුවේ විරෝධතාවය හේතුවෙන් එම ප‍්‍රදේශයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආශ‍්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයිි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. සමෘද්ධි නිලධාරින් වැඩ වර්ජනයක් ආරම්භ කලේ අද පෙරවරුවේ සිටයි.

ඒ විශ‍්‍රාම වැටුප් තහවුරු කිරිම පත්විම් ලිපි ලබා දිම, උසස් විම් ක‍්‍රියාපටි පාටි ක‍්‍රියාක්මක කිරිම ඇතුලූ ඉල්ලිම් ගණනාවක් මුල් කර ගනිමින්.

අප වාර්තාකරුවන් සදහන් කලේ වර්ජනය හේතුවෙන් දිවයින පුරා සමෘද්ධි ප‍්‍රජා මූල බැංකු , කලාප කාර්යයාල, ප‍්‍රාදේශිය සමෘද්ධි කාර්යයාල වසා දමා ඇති බවයි.

සමෘද්ධි බැංකු කාර්යයාලවල දෛනික කටයුතු අවසන් විමෙන් පසු එහි ආරක්ෂිත යතුරු ළඟම ඇති පොලිස් ස්ථානවලට භාරදෙන අතර අද එම යතුරු භාර ගැනිමට කිසිදු සමෘද්ධි නිලධාරියෙකු පොලිස් ස්ථාන වෙත පැමිණ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post