News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

දුමිරිය වර්ජනයට තවත් වෘත්තීය සමිති 5 ක සහය.

827 Views


දුමිරිය වර්ජනයට තවත් වෘත්තීය සමිති 5 ක සහය.

දුමිරිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිති 5 ක් සහය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය අධීක්ෂණ කළමනාකරණ වෘත්තීය සමිතිද වර්ජනයට එක්වීමට නියමිතයි.

එම වෘත්තීය සමිති සදහන් කලේ අද පස්වරු 4 30 සිට දින 3ක් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි.

සිය ගැටලූ සම්බන්ධයෙන් මේ වන තෙක් බලධාරීන් විසින් සාකච්ඡුාවක් කැදවා නොමැති බවයි වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ. අප වාර්තාකරුවන් සදහන් කලේ ඒ හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.

මේ අතර අද පස්වරුවේ දුම්රිය 6ක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් පාසල් සිසුන් සහ වාර ප‍්‍රවේශපත් සහිත මගීන් පිලිබදව සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බවයි.

දුමිරිය එන්ජින් රියදුරන් නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් පෙර දැනුම් දීමකින් තොරව වර්ජනයේ නිරතව සිටින්නේ ඊයේ පස්වරුවේ සිටයි.

ඒ 3 000 ක සේවක පිරිසකගේ මූලික වැටුප රුපියල් 56 205 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post