News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

විපක්ෂ නායකවරයා වෙනස් වෙන්නේ නැහැ.

640 Views


විපක්ෂ නායකවරයා වෙනස් වෙන්නේ නැහැ.

ව්‍යවස්ථානුකූලව හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අනුව විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු කිරීමට තමාට හැකියාවක් නොමැති බව කථානායක කරුජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ විපක්ෂ නායකවරයා පිළිබද සිය ස්ථාවරය ප‍්‍රකාශ කරමින්.

පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ අදහස් හා වෙනත් රටවල පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් ගැඹුරින් අධ්‍යනය කරමින් මෙම මතයට එළඹි බව කතානායකවරයා එහිදී සදහන් කලා.

එක්සත් ජනතා නිදහස් සංධානය ආණ්ඩුවේ කොටස්කරුවෙකු බව පැවසු කතානායකවරයා කියා සිටියේ ආණ්ඩුව නියෝජනය නොකරන වැඩිම මන්ත‍්‍රීවරුන් පිරිසක් නියෝජනය කරන පක්ෂයට විපක්ෂ නායක ධූරය හිමි බවයි.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post