News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

ට‍්‍රැමඩෝල් මත්පෙති 70,000 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

678 Views


ට‍්‍රැමඩෝල් මත්පෙති 70,000 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

ට‍්‍රැමඩෝල් මත්පෙති 70,000 ක් සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මාන්කුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් මෝටර් රථයකින් මෙම මත්පෙති ප‍්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද අලූයමයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය 24 හැවිරිදි සහ 18 හැවිරිදි මාතලේ හා කැළණිය ප‍්‍රදේශවල පදංචිකරුවන්.

සැකකරුවන් අද වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු පෑලියගොඩ සහ මහරගම ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අද අලූත්කඬේ සහ ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post