News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර වහලය මත උද්ඝෝෂණයක.

650 Views


වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් බන්ධනාගාර වහලය මත උද්ඝෝෂණයක.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී මේ වන විට විරෝධතාවයක නියැලෙමින් සිටිනවා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ අද උදෑසනයි.

කාන්තා රැුදවියන් 10 දෙනෙකු පමණ මෙම විරෝධතාවට එක්ව සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට එරෙහිව පවතින නඩු කටයුතු කඩිනම් කර දෙන ලෙසයි.

මෙම කාන්තා රැදවියන් පිරිස මත් කුඩු ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබ බන්ධනාගාරගත කර සිටින පිරිසක් බවයි බන්ධනාගාර ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

මේ අතර විසුරුවාහරින ලද බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ ඒකකය වෙනුවට විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

දක්ෂ හා විනයගරුක දුෂණ චෝදනාවන්ට සම්බන්ධ නැති තරුණ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මෙම පොලිස් ඒකකය සඳහා බඳවා ගැනීමට නියමිතයි.

විසුරුවා හරින ලද බුද්ධි අංශ නිලධාරීන් පුරප්පාඩු සහිත බන්ධනාගාරයන්හි සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරනු ඇති.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post