News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

මධ්‍යම කඳුකරයේ නායයෑම් අවධානමක් නිසා පවුල් 30 ක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කෙරේ.

624 Views


මධ්‍යම කඳුකරයේ නායයෑම් අවධානමක් නිසා පවුල් 30 ක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කෙරේ.

අධික වර්ෂාපතනයත් සමග මධ්‍යම කදුකරයේ පවතින නායයෑම් අවදානම හේතුවෙන් පවුල් 30 ක සාමාජිකයින් 100 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.

සියත හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ හැටන් සලංකන්ද ප‍්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බවයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ හරහා අද අලූ‍යම හමා ගිය දැඩි සුලගකින් අධි බලැති විදුලි රැුහැන් පද්ධති ගණනාවකට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

ඒ හේතුවෙන් නෝර්වුඞ් නෝටර්න්බි‍්‍රජ් සහ හැටන් අවට ප‍්‍රදේශ රැුසකට මේ වනවිට විදුලි බලය ඇණහිට ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

ඇණහිට ඇති විදුලි සැපයුම යළි යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි විදුලි බල මණ්ඩලය පැවසුවේ.

පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයට පස් කඳු කඩ වැටිමේ අවධානමක් ද හටගෙන තිබෙනවා.

පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ ඒ හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි.

දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශ වලට වැසි තත්වයේ සහ සුලං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පලාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලටත් අද දිනයේදී මිලි මීටර 75 ඉක්මවූ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post