News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

දුම්රිය වර්ජනය නිසා ගමන් යන්න බැරිවුනු ටිකට් වලට මුදල් ආපසු.

541 Views


දුම්රිය වර්ජනය නිසා ගමන් යන්න බැරිවුනු ටිකට් වලට මුදල් ආපසු.

මුදල් ගෙවා දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර ලබාගෙන වර්ජනය හේතුවෙන් ගමන් පහසුකම සලසා ගත නොහැකි වූ මගීන්ට එම ප‍්‍රවේශ පත‍්‍ර වලට අදාළ මුදල් නැවත ලබා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා පැවැති වර්ජනය හේතුවෙන් කලින් ප‍්‍රවේශ පත‍්‍ර වෙන්කර ගත් මගීන් විශාල පිරිසකට තම ගමන් පහසුකම් සලසා ගැනිමට හැකි වුනේ නැහැ. ඒ අනුව අදාල ප‍්‍රවේශ පත‍්‍ර ඉදිරිපත් කර නැවත මුදල් ලබාගත හැකියි.

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට සිදු වූ පාඩුව රජයෙන් අයකර ගැනිමට එම මණ්ඩලය තීරණය කර තිබෙනවා.

වර්ජනය පැවැති කාලය තුළ දුම්රිය වාර ප‍්‍රවේශ පත‍්‍ර ලබාගත් මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ වලින් නොමිලේ ප‍්‍රවාහන පහසුකම් ලබා දී තිබුණා.

අදාල කාලය තුළ ලංගම බස් රථ වලින් දෛනිකව රුපියල් මිලියන 09ක පමණ පාඩුවක් සිදු වූ බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කලේ.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post