රාහු කාලය – පෙ.ව 04.55 සිට 06.27
සුභ දිශාව – දකුණ
මරු සිටින දිශාව – උතුර
මේෂ ලග්නය

දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයක්. හිතවතුන්ගේ කටයුතු සාර්ථකව ඉටු කර දීමට හැකි වෙනවා. නිවසින් බැහැරව කරන කටයුතු සාර්ථක වේවි.
ජය වර්ණය : රතුපැහැය ජය අංකය 02
වෘෂභ ලග්නය

උත්සාහය උනන්දුව සහිත දිනයක්. පිනට දහමට සිත යොමු වෙනවා. වියදම් පාර්ශවය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. මංගල ගමන් ඇති වේවි.
ජය වර්ණය : කහපැහැය ජය අංකය 03
මිථුන ලග්නය

උත්සාහය උනන්දුව සහිත දිනයක්. නව අදහස් මතු වෙනවා. රැකියා කටයුතු සාර්ථක වෙනවා. අතමිට මුදල් ගැවසෙනවා.සිතට සතුට දැනෙන දිනයක්.
ජය වර්ණය : රතු පැහැය ජය අංකය 05
කටක ලග්නය

තරමක චිත්ත පීඩා ඇති විය හැකි දිනයක්. ව්‍යාපාර කටයුතු කෙරෙහි අවධානය යොමු කල යුතුයි. වියදම් පාර්ශවය සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න.
ජය වර්ණය : සුදු පැහැය ජය අංකය 02
සිංහ ලග්නය

බාහිර කටයුතු ඔබ මත පැටවීමට ඉඩ තිබෙනවා. අධික ලෙස කාර්යබහුල විය හැකියි. දුර බැහැර ගමන් බිමන් යෙදෙනවා. බාහිර අයගේ උපකාර ලැබෙන දිනයක්.
ජය වර්ණය : කහපැහැය ජය අංකය 05
කන්‍යා ලග්නය

දුර දිග බලා ඉවසිලිවන්තව කටයුතු කලයුතු දිනයක්. අන් අය අතර හොද හිත පැතිරේවි. නව අත්දැකීම් ලැබීමට හැකියාව පවතිනවා.
ජය වර්ණය : රන්වන් කහපැහැය ජය අංකය 02
තුලා ලග්නය

නව අදහස් වලට සිත යොමුවන දිනයක්. පිනට දහමට සිත යොමු වෙනවා. දුර බැහැර ගමන් යෙදෙනවා. තරමක කාර්යබහුලතාවයක් ඇති විය හැකියි.
ජය වර්ණය : නිල් පැහැය ජය අංකය 05
වෘශ්චික ලග්නය

තරමක කාර්යබහුල වුවත් වැඩ කටයුතු කර ගැනීමට හැකි වේවි. නව අදහස් මතු වේවි.පැවති ගැටළුවක් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. වත්කම් මිලදී ගැනීමට සුභ දිනයක්.
ජය වර්ණය : රතු පැහැය ජය අංකය 02
ධනු ලග්නය

බුද්ධිමත්ව කරන කටයුතු සාර්ථක වේවි. එකමුතුව කරන කටයුතු සාර්ථක වේවි. ගමන් බිමන් වැඩි දිනයක්. ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් වන්න. අතමිට මුදල් ගැවසෙනවා. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.
ජය වර්ණය : රන්වන්කහ පැහැය ජය අංකය 05
මකර ලග්නය

උනන්දුව උත්සාහය සහිත දිනයක්.නව අදහස් මතු වෙනවා. ලැබීම අතින් යහපත්. තිබුන බාධාවන් ඉවත් වෙනවා. උත්සව අවස්ථාවකට සහභාගී
ජය වර්ණය : රන්වන් කහ පැහැය ජය අංකය 02
කුම්භ ලග්නය

ගෙදරදොර කටයුතු කෙරෙහි අවධානය යොමු කල යුතුයි. දුර දිග බලා කටයුතු කරන්න. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. චිත්ත පිඩා ඇති විය හැකියි.
ජය වර්ණය : කහ පැහැය ජය අංකය 02
මීන

කරගෙන ආ කටයුතු සාර්ථක වේවි. සියලු දෙනා අතර හොද හිත පැතිරේවි. පිනට දහමට සිත යොමු වෙනවා. බාහිර අයගේ උපකාර ලැබෙනවා.
ජය වර්ණය : රන්වන් කහපැහැය ජය අංකය 05