නැවත දැනුම් දෙන තුරු පුත්තලම උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරය භාවිතා කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.
එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප‍්‍රදිප් කුමාර මහතා සඳහන් කලේ ඉන්දියාවේ භාවිතා කර ඉවතලන ලන සායනික අපද්‍රව්‍ය තොග ගොඩගැසීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කරන බවයි.
එම අපද්‍රව්‍ය ඉවත් කරන තුරු වෙරළ තීරය භාවිතයෙන් වළකින ලෙස දැනුම් දෙනවා.
ඉන්දියාවේ සායනික අපද්‍රව්‍ය ගොඩ ගසා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් කණ්ඩායමක් අදාල ප‍්‍රදේශයට යොමු කර ඇති බවයි ටර්නි ප‍්‍රදිප් කුමාර මහතා පැවසුවේ.
පුත්තලම උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10ක පමණ දුර ප‍්‍රමාණයකට මුහුදු වෙරළේ එම සායනික අපද්‍රව්‍ය ගොඩගැසී තිබෙනවා.
එන්නත්, විවිධ සිරප් වර්ග, පෙති වර්ග ඇතුළු විවිධ ඖෂධ හා සායනික ද්‍රව්‍ය ඒ අතරට අයත්.
Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe