News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

ප‍්‍රදේශ කිහිපයකට අද මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි.

390 Views


ප‍්‍රදේශ කිහිපයකට අද මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට අද මිලි මීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කුරුණෑගල ගාල්ල මාතර කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ඉක්මවූ තරමක තද වැසි ද ඇති විය හැකි බවයි.

අද දිනයේ්ත් දිවයින පුරා වැසි සහ සුළං තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙනවා.

වයඹ උතුරු මැද උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත් පැයට කිලෝ මීටර 60 ඉක්මවූ තද සුළං ඇති විය හැකියි.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ද ඇතැම් අවස්ථාවල පැයට කිලෝ මීටර 70 ක් දක්වා වැඩි විය හැකි වනවා. එවිට එම මුහුදු ප‍්‍රදේශ රලූ විය හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව අවදානයෙන් පසු විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post