News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයන් 29 ක් අත්අඩංගුවට.

500 Views


නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයන් 29 ක් අත්අඩංගුවට.

මුලතිව් නයාරු මුහුදු තීරයේ තහනම් ආම්පන්න යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය මගින්. අදාල ධීවරයන් පිරිස සමඟ ඔවුන් මසුන් ඇල්ලීමට යොදා ගත් ධීවර යාත‍්‍රා 8 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීම නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් ධීවරයන් පසුගියදා මුලතිව් ධීවර පරීක්ෂක කාර්්‍යාලය ඉදිරිපිට විරෝධතාවයකද නිරත වුණා. එහිදී එම කාර්යාලයේ දේපල වලටද හානි සිදු වූ බවයි ප‍්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කලේ.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post