ප‍්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් පෙන්නුම් කර තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ දුර ගමන් සේවා බස් රථ ධාවනයේ අඩුවක් පවතින බවයි.
ගාල්ල මාතර ප‍්‍රදේශ වල සිට කොළඹට පැමිණෙන බස් ගමන් වාර වල සුලූ අඩුවක් තිබෙනවා. කොළඹ ගුණසිංහපුර බස් නැවතුම්පොලේ ද බස් රථ සියයට 80 ක් පමණ නොමැති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. .අනුරාධපුර සිට කොළඹ දක්වා බස් රථ කිහිපයක් පමණක් අද පෙරවරුවේ ගමන් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් සැළකිය යුතු මට්ටමින් පෞද්ගලික බස් රථ අඩුවක් පෙන්නුම් නොකරන බැවින් අමතර බස් රථ යෙදවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කලේ.
සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය වැඩ වර්ජනයක නිරත වන්නේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිටයි. ඒ රජය මගින් සිදුකල දඩ මුදල් ඉහල නැංවීම ඇතුලූ ගැටලූ කිහිපයකට විරෝධය පල කරමින්.
වර්ජනය සදහා රජයේ ප‍්‍රගතිශිලි රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප‍්‍රවාහන සේවක සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය වරාය පෞද්ගලික බහලූම් රථ සංගමය, සහ කොළඹ නගරාන්තර ත‍්‍රීරෝද රථ සංගමය යන වෘත්තීය සමිති එක්ව සිටිනවා.
Siyatha Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe